මෙරට ජනපති, ට්‍රම්ප්ට සහ මෙලනියාට ඉක්මන් සුවය පතයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ මෙලනියා ට්‍රම්ප් මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

 

ජනාධිපතිවරයා මෙලෙස ඉක්මන් සුවය පතා ඇත්තේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන්ම තිබෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩය තුළ සටහන් කර තිබේ.

කොරෝනා වෛරසය වැළඳුණු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිකාර සඳහා එරට හමුදා රෝහලකට මේ වනවිට ඇතුළත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළත් කර ඇති බවය.

Read more

Local News