යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ගේ පවුල්වලට නිවේදනයක්

Share

තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට අදාළ ගැසට් පත්‍රය ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ආබාධිත කිසිදු රණවිරුවෙකුට කොළඹට පැමිණ උද්ඝෝෂණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අද(03) දිනයේ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් විශේෂ ජංගම වැඩසටහනක් අනුරාධපුර, සාලියපුර හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි

Read more

Local News