දිවුලපිටිය කොවිඩ් ආසාදිත කතගේ සැමියාගේ සහ පුතුන්ගේ තවත් PCR පරික්ෂණයක්

Share

පොලිසිය පවසන්නේ දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

 

අද(05) දිනයේ ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

එමෙන්ම අදාළ කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් පී.සී.ආර් පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතයි.

දිවුලපිටිය හොරගස්මුල්ල බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට සහ ඇගේ 16 හැවිරිදි දියණියට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැණුනි.

මෙම කාන්තාව සේවය කළ අදාළ කර්මාන්ත ශාලාවේ ඇයගේ ආශ්‍රිතයින් 400 ක් පමණ මේ වනවිට නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඇයගේ පවුලේ සමාජිකයින් 06 දෙනාගේ සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 150 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ ඊයේ සිදුකළ ඇති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා අද උදෑසන ලැබීමට නියමිතය.

Read more

Local News