පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙක්ට අල්ලස් දීමට උත්සහා කළ අයෙක්ට සිදුවූ දේ

Share

රුපියල් 50,000ක අල්ලසක් දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීට අමතරව විවිධ පුද්ගලයින්ට අයත් ගමන් බලපත්‍ර 88ක්, ජාතික හැඳුනුම්පත් 26ක් සහ රියදුරු බලපත්‍ර  03 ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දෙහිවල පොලිස් අපරාධ අංශය විසින් සැකකරු ඊයේ (04) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයෙන් මිදියාම සඳහා සැකකරු විසින් දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට එම අල්ලස ලබාදීමට උත්සහ කර ඇත.

අද(05) දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය පැවසීය.

Read more

Local News