දිවුලපිටියේ පාසල් ළමුන් 1500ක් නිරෝධායනය කෙරේ

Share

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වු අතර ඒ දියණිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඊයේ (04) දින රාත්‍රීය වන තෙක් එම දරුවන්ගේ නිරෝධායන කටයුතුවල මහජන පරීක්ෂකවරු නිරත වු බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා පැවසුවේ, “ විදුහල්පතිවරයා විසින් සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් ලබා දීලා තියෙනවා. අද දිනයේ දී අනෙකුත් සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වෙත මේ තොරතුරු යවන්න කටයුතු කරනවා, දිවුලපිටිය ප්‍රදේශයට පිටින් එන දරුවන් නිරෝධායනය සඳහා. අද දිනයේ දී ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ සියලු දෙනාගේ පීසීආර් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ප්‍රධාන ගැටලුවක් ව පවතිනවා තව දුරටත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් අතර නිවෙස්වලට ගිය කිහිප දෙනෙක් සිටිනවා. ඒ නිසා දිවයින පුරා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් සොයා ගෙන නිරෝධායන කටයුතු වෙත ඔවුන් යොමු කරමින් සිටිනවා. යනුවෙනි.

 

Read more

Local News