මුඛ ආවරණ නැත්නම් බස්වල යන්න බෑ

Share

බස් රථවලට මුඛ ආවරණ රහිතව පැමිණෙන මගීන් නොගන්නා බව පෞද්ගලික බස් හිමියෝ සදහන් කරයි.

 

මේ පිළිබඳව බස් රථ රියදුරන් සහ සහායකයින් දැනුවත්කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මගී ජනතාව බස් රථයට ගොඩවීමට පෙර මුඛ ආවරණය පැළඳසිටීම අනිවාර්ය බව අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. එමෙන්ම පොලිස් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලදී මගීන් බස් රථවලට නග්ගවා ගැනීම හෝ බැස්සවීම තහනම් බවද සදහන් කළේය.

Read more

Local News