ග්‍රාම නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Share

කිසිදු පුද්ගලයෙකු මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාලවලට පැමිණීම අනවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

 

ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීමට තම කාර්යාලවලට ජනතාව ගෙන්වා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එය එසේ නොවිය යුතු බවත් මැතිවරණ ප්‍රතිශෝධන පත්‍රිකා සම්පූර්ණ කිරීම කළ යුත්තේ ගෙයින් ගෙට ගොස් ග්‍රාම නිලධාරීවරුන් විසින් වන අතර ඒ සඳහා සියලු උපදෙස් ඔවුන්ට ලබාදී ඇති බවත් සදහන් කළේය.

Read more

Local News