ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු අත්හිටුවයි

Share

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 

මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතන, සිය භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා එම දෙපාර්තුමේන්තුවේ වාණිජ අංශයේ සහකාර අධිකාරි අමතා සුදුසු වේලාවක් වෙන්කරවා ගතයුතු බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද තැපැල් දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

Read more

Local News