විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නවතයි

Share

විදේශයේ සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩ කඩ සිමා සහිත වී ඇති බැවින් එම පියවර ගත් බවයි.

ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක කාල සටහන් සුදුසු පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

රට තුළ පවතින වාතාවරණය සමතයකට පත් වූ සැනින් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවැසීය

Read more

Local News