2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම නීතිපති උපදෙස් මත

Share

2019 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සදහන් කළේය.

 

ඊට අදාළව පවතින නඩුවක් හේතුවෙන් එම ලකුණු නිකුත් කිරීමට නොහැකි වී ඇති බව එහි උප සභාපති මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පැවසුවාය.

නීතිපති උපදෙස් අනුව නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කරන බව ඇය සදහන් කළාය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා 40,000 කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

Read more

Local News