නවක වෛද්‍යවරුන් 1117 දෙනෙකුට පත්වීම්

Share

නවක වෛද්‍යවරුන් 1,117 දෙනෙකුට සීමාවාසික පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

Online ක්‍රමවේදය ඔස්සේ පිළිවෙළ කළ එම පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඔවුන් ලබන 20 වැනිදා සේවා ස්ථාන වෙත වාර්තා කළ යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබේ.

Read more

Local News