දැනට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශ දෙස සලකා බලා ඉන් වාර්තා වන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අදාල ප්‍රදේශ වලට පමණක් නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක් වශයෙන් ලොක්ඩවුන් වෙන තත්ත්වයක් දැනට නොමැති බවයි.
මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු පුද්ගලයින් සුරක්ෂිත වි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවත් හමුදාපතිවරයා පැවසීය.
මේ අතර මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 2,510ක් වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාගත වැඩිම කොරෝනා ආසාදිත පොකුර මෙයයි.