අමෙරිකානු රාජ්‍ය ලේකම් 27වැනිදා මෙරටට

Share

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අනිද්දා(27) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

 

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 27 සහ 28 දෙදින මෙරට නිල සංචාරයක නිරතවන බවයි.

සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා නිල වශයෙන් විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන් වේ.

දෙරට අතර ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.

Read more

Local News