අද උදෑසන වන විට මෙරට කොරෝනා රෝගීන් ගැන සවිස්තරාත්මක නිවේදනයක්

Share

අද(03) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 275ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 6816ක් ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වෙයි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ හම්මාතගම මාවනැල්ල බුලත්කොහුපිටිය න පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රදේශිය බල ප්‍රදේශයත් කුරුණැගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් ඊයේ(02) දින රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

අද උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 11ක් සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 18ක් මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 15ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියම්තව ඇත.

ඒ අනුව දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක් ද

හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 03 ක් ද

අයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 07 ක් ද වශයෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 62917 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35ක් තුළ පුද්ගලයින් 1082 ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(02) දිනයේ PCR පරීක්ෂණ 11889 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 536337ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 344ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 117 දෙනා අතරින් පුද්ගලයින් 02 විදේශයන් හී සිට පැමිණි අය වන අතර ඉතිරි පුද්ගලයින් 342 ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News