කොරෝනා පාලනයට උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි දිසා ලේකම්වරුන්ට උපදෙස්

Share

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට සහ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

 

ඒ අනුව පහත සදහන් උපදෙස් ලබා දි ඇත

• ඒ ඒ දිස්ත්‍රික්ක වල ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා දිස්ත්‍රික්ක  ලේකම්වරුන්ට තීරණ ගැනීමේ බලය…

• ධිවර සංස්ථාව මඟින් ප්‍රම්තිය තහවුරු කළ ඇසුරුම් කරන ලද මාළු සමෘද්ධිලාභීන්ට….

• බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කෙරේ

කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක  ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් අවශ්‍ය තින්දු තීරණ ගැනීමට දිස්ත්‍රික්ක  ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික්ක  සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පැවරේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකය හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත් ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමටත් රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව අරලියගහ මන්දිරයේ දී පැවැති(2020.11.02 සහ 2020.11.03) සාකච්ඡාවලට එක් වෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, ආර්ථික ඉලක්ක සපුරාගනිමින් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි වත්මන් තත්ත්වය හමුවේ උද්ගත වන ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන අතර විශේෂයෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි.

කෘෂිකර්මාන්තයට අමතරව දිස්ත්‍රික්ක  මට්ටමින් සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත පවත්වාගෙන යෑම, ජලය හා විදුලිය සැපයීම, කසල කළමනාකරණය, ඉන්ධන සැපයීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කරන ලෙසද දිස්ත්‍රික්ක  ලේකම්වරුන්ට දන්වා සිටියේය.

මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජය ඉදිරිපත් කළ සංවර්ධන සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලදී පෙන්වාදුන් අතර, කෘෂිකාර්මික සහ වැවිලි ක්ෂේත්‍රවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම ප්‍රමාදයකින් තොරව කළ යුතු බවද අවධාරණය කළේය.

බස්නාහිර පළාතේ සියලුම ආර්ථික මධ්යස්ථාන හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘත කරන බවත් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විෂභීජහරණය කොට එහි සේවය කරනන් පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව ලබන සඳුදා දින වන විට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කිරීමේ හැකියාව පවතින බවත් මෙම සාකච්ඡාවේදි අවධාරණය කෙරිණි. කර්මාන්ත පුරවල ඇති අත්‍යාවශ්‍ය කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් සිදුකළ හැකි බවත් එකී අනුමැතිය හා ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් කර්මාන්ත සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතියලත් කර්මාන්ත සඳහා ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ විවාත කිරීමට ලබාදුන් අනුමැතිය සහිත ලිපිද ඇඳිරි නීති අවසරපත් ලෙස සළකා බැසිල් රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේය.

ඇතැම් ප්‍රදේශ වල ජංගම මත්ස්‍ය වෙළඳසැල් වසා දැමීම සම්බන්ධයෙන් මෙහීදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ධීවර සංස්ථාව මගින් ඇසුරුම් කරන ලද මාලු ජනතාව අතර බෙදාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. එමෙන්ම සමාද්ධිලාභින් වෙත මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදි එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් යුත් අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමටද මෙහිදී තිරණය කෙරිණි. ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මෙම සාකච්ඡාවේදි ලබාදෙන ලදි.

Read more

Local News