රට වැසීමට නොහැකි හේතුව ජනපති කියයි

Share

හැකි ඉක්මනින් රට තුල පවතින කොරෝනා වෛරස තත්ත්වය පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

ජනපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ “කොවිඩ් රෝගීන් සමග ඝෘජුව සම්බන්ධතා පවත්වන සෞඛ්‍ය අංශ නිලධාරීන් කොවිඩ් රෝගයට ගොදුරු නොවන්නේ ඇයි. ඒ අය හරියට මාස්ක් එක දානවා. නිවරැදිව අත් හෝදනවා. නිවරැදි ක්‍රම අනුගමනය කරනවා. මේක තමයි අපි සමාජයට දෙන්න ඕනේ. මේවා කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව රට දුවන්න පුළුවන්. ජනතාව අවධානයෙන් ඉන්නවා නම් රටක් දුවන්න හැකියි. මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න.” යනුවෙනි.

කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

Read more

Local News