දිනකට වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 400-500 ක්

Share

රට තුල විවිධ වූ ස්ථානවලින් නිල නොවන තොරතුරු වලට අනුව පොකුරු නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ දිනකට වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 400-500ත් අතර සාමාන්‍ය අගයක් ගන්නා බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඒ මහතා මේ බව පැවසු අතර මෙරට දරුණු අවදානම් මට්ටමක පවතින බව එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම නිදන්ගත රෝග සහිත පුද්ගලයන් රෝහල්ගතවීමට අනියත බියකින් පෙලෙන බවත් එම නිසා තමන්ට නිදන්ගත රෝගයක් පවතීනම් අදාළ රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටි.

Read more

Local News