ඉදිරියේදි කොරෝනා මරණ වැඩි වෙන්න පුළුවන් : වෛද්‍ය හරිත අලුත්ගේ

Share

මෙරට ඉදිරි සති කිහිපය වන විට කොරෝනා මරණ ගණන ගැන වැඩි වශයෙන් කතා කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් “අපි පහුගිය දින කිහිපයේ කතා කලේ රෝගීන් ගැන. හැබැයි ඉදිරිසතිය දෙක මාසේ හරි දෙසැම්බර් මුල වෙද්දී මරණ ගැන වැඩි වශයෙන් කතා කරන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.මේක ඉතාම භයානක තත්වයක්” ඒ මහතා පැවසීය.

Read more

Local News