අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඞ්න් ජය ගනී

Share

අමෙරිකාවේ පැවති ඡන්දයෙන් මේ වන විට ඩිමොක‍්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ බයිඞ්න් මහතා ඡන්ද විද්‍යාල 273 ක් ජයග්‍රාහණය කර තිබෙන අතර හිටපු ජනපති ට්‍රම්ප් ජන්ද විද්‍යාල 214 ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.

 

ඒ අනුව මේ වන විට ජෝ බයිඞ්න් මහතා අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රාහණය කර තිබෙන අතර අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස බයිඞ්න් මහතා තේරි පත්විය.

මේ අතර මෙවර පත්වු ජනපති අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි.

බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 270 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ජෝ බයිඞ්න් මහතා ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි කටයුතු අරඹනු ඇත.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව නඩු මඟට පිවිසීමට තීරණය කර තිබීම සුවිශේෂී කරුණකි.

මෙවර ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටියේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න් මහතාය.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වන අතර ජනගහණය අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල සංඛ්‍යාව වෙනස් වන අතර, ඡන්ද විද්‍යාල 270 ඉක්මවා ජය ලබන අපේක්ෂකයා, ධවල මන්දිරයට තේරී පත්වෙයි.

Read more

Local News