බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හෙට ඉවතට : තවදුරටත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

හෙට(09) දිනයේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වම්නි.

මේ අතර හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලාවට ලක් කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ජනතාව හැකිතාක් සෞඛ්‍යමය උපදෙස් පිලිපැදිය යුතු බවත් ඇඳිරිනීතිය ඉවත් කළද කිසිවෙකුටත් අනවශ්‍ය ගමන් බිමන් වල නොයෙදෙන ලෙසත් හමුදාපතිවරයා පැවසීය.

Read more

Local News