බස්නාහිර පළාතේ තවදුරටත් හුදකලා කරන ප්‍රදේශ

Share

හෙට(09) දිනයේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වම්නි.

මේ අතර හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලාවට ලක් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, බොරැල්ල, දෙමටගොඩ, මාලිගාවත්ත ,කෙසෙල්වත්ත, බ්ලූමැන්ඩල්, කොටහේන, වැල්ලම්පිටිය, ආදිරිප්පුවීදිය යන පොලිස් බල ප්‍රදේශ වලට පනවා තිබෙන හුදකලා කිරීම් ඉවත් නොවන බව හමුදාපතිවරයා වැඩ්දුරටත් පැවසීය.

මට්ටක්කුලියේ මෙත්සද සෙවණ, මිහිජය සෙවණ මෝදර රන්මුතු සෙවණ, ග්‍රෑන්ඩ්පාස් හී පිහිට් මුවදොර උයන, දෙමටගොඩ සිරිසර උයන, මාළිගාවත්තේ NHS නිවාස සංකීර්ණය යන මහල් නිවාසද තවදුරටත් හුදකලා කරනු ලැබේ.

ම්ට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑළියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජා ඇළ සහ සපුගස්කන්ද යන ප්‍රදේශත් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

හමුදාපති වැඩ්දුරටත් සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය වෑකඩ බටහිර ග්‍රාම නිලධරි කොට්ටාශය තවදුරටත් හුදකලා කරන බවයි.

ම්ට අමතරව කුරුණැගල නගර සභා සීමාව තවදුරටත් හුදකලා කරනු ලබයි.

තවද කුලියාපිටිය පොලිස් වසම පමණක් හුදකලා කෙරේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල යන ප්‍රදේශද හුදකලා කරනු ලැබේ.

එමෙන්ම ජනතාව හැකිතාක් සෞඛ්‍යමය උපදෙස් පිලිපැදිය යුතු බවත් බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය ඉවත් කළද අදාල ප්‍රදේශ වල කිසිවෙකුටත් අනවශ්‍ය ගමන් බිමන් වල නොයෙදෙන ලෙසත් හමුදාපතිවරයා සදහන් කළේය.

 

Read more

Local News