මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් රෝගීන් ගණන 10,000 ඉක්මවයි

Share

අද(09) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 510ක් හදුනාගෙන තිබේ.

 

මේ අතර ඊයේ රාත්‍රියේ 35 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබිය.

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 10451ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර පැලියගොඩ මාළු වෙළදපොලෙන් පුද්ගලයින් 1007ක් සහ ඉතිරි පුද්ගලයින් 8403ක් දෙනා ම්නුවන්ගොඩ කම්හලේ ආසාදිතයින්ගේ සහ පැලියගොඩ මාළු වෙළදපොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්වේ. ම්නුවන්ගොඩ කම්හලේ සේවකයින් 412ක් සහ ඒම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4449ක් සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 01ක් මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායන කටයුතු අවසන් කර කිසිවෙකුත් පිටව ගොස් නැත.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 63921 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 27ක් තුළ පුද්ගලයින් 2409ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(08) දිනයේ PCR පරීක්ෂණ 10632 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 602850ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 562ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News