ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 635ක්

Share

අද(12) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 635ක් හඳුනා ගෙන තිබේ.

 

ඊයේ හඳුනාගත් එම ආසාදිතයින් අතරින් දස දෙනෙක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයන් වේ.

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 11,857ක් වෙයි.

අද දින G 9501 දරණ මගී ගුවන් යානය මගින් පාකිස්ථානයේ සිට පුද්ගලයින් 25 දෙනෙකු, GR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 31 දෙනෙකු සහ WI 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 20 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු සුදානම් කර තිබේ.

අද දිනය තුල ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2ක් පිටව යෑමට නියමිතය.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ පුද්ගලයින් 2,690ක් නිරෝධායනය වෙම්න් සිටියි.

මේ අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 10,207ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 629,315කි.

අද උදෑසන වනවිට පුද්ගලයින් 646 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read more

Local News