ඊයේ දින හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 327 ක්

Share

අද(19) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327ක් හඳුනා ගෙන තිබේ.

 

ඉන් දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස වාර්තා වෙයි. හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩ්ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ

කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 157 ක්,

ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 111 ක්

රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 06 ක් වශයෙනි.

අද(19) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සහ කොළඹ මාළු වෙළදපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෙෙරසය ආසාදිත සම්පුර්ණ පුද්ගලයින් ගණන 14889 ක්වේ. ඉන් පුද්ගලයින් 9162 ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් – 3059

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් – 11830

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද උදෑසන වන විට කොරෝනා වෙෙරසය ආසාදනය වූ සම්පුර්ණ පුද්ගලයින් ගණන 18401 ක් වන අතර ඉන් පුද්ගලයින් 12586 ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. ඊයේ දිනය වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 5746 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද උදැසන 6.00 වන විට (පසුගිය පැය 24) තුල රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 377 ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

අද දින UL 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 39ක් මෙරටට පැමිණ ඇත. තවද WY 731 දරණ මගී ගුවන් යානය මගින් ඔිමාන් සිට පුද්ගලයින් 30 ක් සහ UL 184 දරණ මගී ගුවන් යානය මගින් පාකිස්ථානයේ සිටපුද්ගලයින් 13 ක් මෙරටට පැම්ණිමට නියම්තයි. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු සුදානම් කර තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ පුද්ගලයින් 3419ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ දිනය තුළදී පීසීආර් පරීක්ෂණ 11105 ක් සිදුකර ඇත

Read more

Local News