RDA සේවිකාවට පහර දුන් ඉංජිනේරුවරයා අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

කාර්යාලයේ සේවිකාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය විය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිටවු බව බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසී ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News