යුක්රේන සංචාරකයින් ගෙන්වීම තවදුරටත් : සංචාරක ඇමති

Share

යුක්රේන සංචාරකයින් ගෙන්වීම නතරකිරීමට දැනට කිසිදු තීරණයක් නොමැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

 

තවද යුක්රේනයට අගුළු දමා ඇත්තේ පුර්ණ වශයෙන් නොව අර්ධ වශයෙන් බවත් දැනට සෞඛ්‍ය අංශ වල නිර්දේශ අනුව එංගලන්තයේ සිට පැමිණෙන සංචාරකයින් පමණක් නොගෙන්වන බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

යුක්රේනයේ සිට හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කළ යුත්තේ කොවිඩ් කමිටුව සහ සෞඛ්‍ය බලධාරීන් බව අමාතයවරයා වැඩ්දුරටත් පවසයි.

පසුගියදා යුක්රේනයේ සිට මෙරටට පැම්ණි සංචාරකයින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බවට තහවුරු විය.

මේ අතර යුක්‍රේනය පසුගිය(8)වැනිදා සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට යළි ඉහළ ගිය අතර තවදුරටත් එය පවතින්නේ, ඉහළ මට්ටමක බව තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සීමා ලිහිල් කිරීමට හෝ එය අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුව ද යුක්‍රේන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉතා කඩිනමින් නව සීමා කිරීම් පැනවිය යුතු බවයි.

තවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, නව සීමා කිරීම් හඳුන්වා දීම හමුවේ රට තුළ විශාල වශයෙන් ආසාදිතයින් වාර්තාවීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි.

යුක්‍රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.

මේ අතර යුක්‍රේනයේ සිට ශ්‍රිලංකාවට පසුගියදා සංචාරකයින් කිහිප දෙනෙකු පැම්ණි අතර ඔවුන් අතරින් කිහිපදෙනෙකුට කොවිඩ් වෙෙරසය වැළදී තිබෙන බවට තහවුරු විය.

පසුව ඔවුන් නිරෝධායනට සදහා යොමු කරනු ලැබිය.

Read more

Local News