මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසු පුුද්ගලයාට සිදු වූ දේ

Share

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්ත වීම වළක්වාලීමට කටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මුහුණට කෙළ ගසමින් රාජකාරී කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා වසර 6ක සිර දඬුවමක් ඊයේ (21) නියම කළේය.

 

මෙසේ සිර දඬුවම් නියම වුයේ අටුලුගම මාරාව පදිංචි පකීර් මොහොමඩ් මොහොමඩ් අමීර් නැමැති 52 හැවිරිදි පුද්ගලයකුටය.

එම දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඬයක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද විත්තිකරුට නියෝග කළේය.

සැකකරුට එරෙහිව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය නඩු පවරා තිබිණි.

චෝදනා තුනකට වසර දෙක බැගින් වූ සිර දඬුවම් ද, නියම කරන ලද අතර වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 6 බැගින් වසර දෙකක සිර දඬුවම් ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. රුපියල් 10,000ක දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවමක්ද වෙනත් චෝදනා දෙකකට රුපියල් 50 බැගින් වූ දඬ මුදල් නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවම් ද නියම කෙරිණි.

Read more

Local News