උතුරු ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවාහනයට ගත් පියවර

Share

උතුරේ ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ,ජලජීවී වගා නිෂ්පාදන මෙන්ම මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනයට අධිශීතකරණ පහසුකම් සහිත දුම්රිය මැදිරි යොදා ගැනීමට ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

 

යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සඳහා මෙම මැදිරිය එක් කිරිමට නියම්ත ඇති අතර මේ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්එම ශීතකරණ පහසුකම් සහිත මැදිරි දුම්රියට එක් කිරීම පිළිබඳව අදාල පාර්ශවයන්  සමඟ සාකච්ඡා කරන බවද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ ආර්ථික පර්යේෂක ආචාර්ය අකිලන් කදිරගාමනාදන් මහතා විසින් යාපනය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඇමැතිවරයාට කරුනු දක්වා ඇති අතර එහිදී ආචාර්ය කදිරගාමනාදන් මහතා පෙන්වා දී ඇත්තේ මේ තුළින් උතුරේ සිට ප්‍රවාහනය කෙරෙන මත්ස්‍ය අස්වනුවල නැවුම් බව සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂාවීම මෙන්ම ඉතා ඉක්මනින් සුරක්ෂිතව එම මත්ස්‍ය අස්වනු ප්‍රවාහනය කිරිමට හැකි බවයි.

විශේෂයෙන්ම මසුන් ප්‍රවාහනයේදී උතුරේ ධිවරයන්ට මසුන් ප්‍රවාහනයේදී දැරීමට සිදු වන අධික වියදම මෙන්ම කාලය අවම කර ගැනීමටද මෙයින් හැති වන බවද ඒ මහතා පෙන්වා දී ඇත.

Read more

Local News