කෝටි 14ක කේරල ගංජා සමග අයෙක් කොටුවෙයි

Share

ඊයේ රාත්‍රියේ මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා කිලෝ එකක් සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කිළිනොච්චියේ ඉන්දුපුරම් ප්‍රදේශයේ නිවසක සගවා තිබූ රුපියල් කෝටි 14 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2685 ක ප්‍රමාණයක් සමග එක් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරුපැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගනු ලැබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර සැකකරුව කිළිනොච්චිය පොලීසියට බාර දීමට පියවර ගෙන ඇත.

Read more

Local News