පොල්හේන වෙරළ තීරයේ සිටි කැස්බෑ පැටවුන් 200ක් මුහුදට මුදා හැරේ

Share

මාතර, පොල්හේන වෙරළ තීරයේ සිටි කැස්බෑ පැටවුන් 200ක් පමණ මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

පොල්හේන වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු වල නියැලී සිටින ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසකට ඊයේ (27) උදෑසන මෙම අලුත උපන් කැස්බෑ පැටවුන් හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඊයේ සවස එම සත්වයින් මුහුදට මුදා හැරීමට පියවර ගෙන ඇත.

Read more

Local News