මාතර – රැකියා සේවා මධ්‍යස්ථානයෙන් හා වෘත්තීය මාර්ගෝපදේශ අංශයෙන් නව රැකියා 1309ක්

Share

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති රැකියා සේවා මධ්‍යස්ථානය මගින් 712 දෙනෙකු හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය මගින් 597 දෙනෙකු වශයෙන් 1309 දෙනෙකු රැකියාගත කර තිබේ.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, දෙමාපියන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, අවදානමට ලක් වූවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, රැකියා විරහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු කිරීම, උපාධිධාරීන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම, රැකියා පොළ පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පැවැත්වීම, ස්වයං රැකියා සඳහා පෙළඹවීම, රැකියා සමාජ වැඩසටහන් පැවැත්වීම, අවශ්‍යතාමත පුහුණු අවස්ථා සලසා දීම, තාක්ෂණික සහාය ලබාදීම, ව්‍යවසායකත්ව හා ස්වයංරැකියා වැඩසටහන් මගින් රැකියාගත කිරීම, ඍජු රැකියාගත කිරීම් ආදී වැඩසටහන් රැසක් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තෙම්න්තුව මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නැංවේ.

ඒ සඳහා වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, මානව සම්පත් සහකාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.

Read more

Local News