විශ්වාසභංගය දේශපාලන අරමුණක් – චෝදනා නිශ්චිත නෑ

Share

විශ්වාසභංග යෝජනාව හරහා යම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගන්නට යන බව පෙනෙන්නට තිබෙන බවත් ඉදිරිපත් කර ඇති චෝදනා නිශ්චිත නොවන බවත් එබැවින් විශ්වාසභංග යෝජනාව කෙරෙහි විශ්වාසයක් නොමැති බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

විපක්ෂනායකවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

දූෂණය අප රට වෙලා තිබෙන දරුණුතම ව්‍යවසනයක්. කාලයක් තිබුණා, දූෂණය ගැන අහන්න ලැබුණේ නැති. එය අපි මුලිනුපුටා දැමිය යුතුයි. පාදකවන මූලබීජයන් මුලිනුපුටා දැමිය යුතුයි. දේශපාලඥයින් දූෂණයට මූලශ්‍රයක් වෙනවා කියලා මතයක් තිබෙනවා. ඒ මතය රටින් තුරන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය ඒකසේ පැතිරිය යුතුයි. එය විචල්‍ය විය යුතු නෑ. බැදුම්කරයට වරදකරුවෙක් කරන්න චෝදනා ගෙන දී තිබෙනවා. ආරෝපණය කරන්න හදනවා වරදකරුවෙක් කරන්නට. යම් දේශපලාන අරමුණක් මේ යෝජනාව හරහා සාක්ෂාත් කරගන්න යන බව පැහැදිළියි. නිශ්චිත චෝදනා ඉදිරිපත් කර නැ, බැදුම්කර වංචාව කියන මුඛ්‍ය කරුණ සම්බන්ධව. මේ යෝජනාව දැන් ගේන්නේ ඇයි? එය ප්‍රශ්නයක්. කරුණු පොදු කරුණුයි.

නිශ්චිත චෝදනා ඉදිරිපත් කර නැ, බැදුම්කර වංචාව කියන මුඛ්‍ය කරුණ සම්බන්ධව. මේ යෝජනාව දැන් ගේන්නේ ඇයි? එය ප්‍රශ්නයක්. කරුණු පොදු කරුණුයි. නිශ්චිත චෝදනා සටහන් වී නෑ. දුර්වල අන්දමින් පොදු කරුණු දක්වා නෑ. නිශ්චිත කරුණු සොයන්න බෑ. විශ්වසනීයත්වය නැති වී තිබෙනවා. දේශපාලන අභිමතාර්ථය පැහැදිළියි. ජනවරම තේරුම් ගන්න. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි සහයෝගය ලබාදෙමු. රටක් ආර්ථිකමය වශයෙන් දියුණු විය යුතුයි. අපි විශාල ආර්ථික වෙළඳ පොළකට යා හැකියි. ඒ සඳහා රටේ සාමය තිබිය යුතුයි. ආණ්ඩුව සමඟ ඒකාබද්ධ වෙන්න  යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

Read more

Local News