විශ්වාසභංගය පරාජය කිරීමට සහයෝගය දැක් වූ සැමට ස්තූතියි – අගමැති

Share

ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා ඊයේ (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,

මටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඔබ සියලු දෙනා දැක් වූ සහයෝගයට මම ඔබ සැමට ස්තූතිය පුද කරනවා. මෙය විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඔබ සියලු දෙනා කළ සේවය මම අමතක කරන්නේ නෑ. දැන් අපට අලුත් ගමනක් යන්න තිබෙනවා. ආණ්ඩුවක් හැටියට අපට ලැබුණු පණිවුඩයත් අරගෙන අපේ වැඩකටයුතු මීට වඩ සීග්‍රයෙන් ගෙන යන්නට තිබෙනවා. මුළු රටට ම අපේ ප්‍රතිපලය දැනුම් දුන්නා. අපි වැඩකටයුතු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ජනවාරි 8 වෙනිදායින් පසුව රටේ විශාල වෙනසක් සිදුව  තිබෙනවා. රටේ ආර්ථිකය සකස්කරගෙන යනවා. ගමේ සංවර්ධනය ආරම්භ කරගෙන තිබෙනවා. ජනතාවගේ ආදායම් වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.

ජනතාවට මීටවඩා සමීප වෙන්න අපේ යුතුකමක් තිබෙනවා. ඊළඟ වසරේ රටට දැනෙන විදියට මේ සංවර්ධය ගෙනයන්න අවශ්‍යයි. විශ්වාසභංගයට මුහුණදුන්නේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නොවේ, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න, ජනතාව ආරක්ෂා කරන්න, ජයග්‍රහණය ආරක්ෂා කරන්නයි. එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇතිකරන්නට තිබෙනවා. අලුත් කණ්ඩායම් ඉදිරියට ගේන්න තිබෙනවා. බහුතර සහයෝගය දිනාගෙන ඉදිරියට යමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News