මැද කොළඹ සහ උතුරු කොළඹ සඳහා අංගසම්පූර්ණ ජාතික පාසල් දෙකක් – අගමැති

Share

මැද කොළඹ සහ උතුරු කොළඹ සඳහා අංගසම්පූර්ණ ජාතික පාසල් දෙකක් ස්ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊ‍යේ (06) පැවැසීය.

කොළඹ සෙසු පාසල් සියල්ලම දියුණු කරන බවත් පැවැසූ කොළඹ දරුවන්ව අධ්‍යාපනයෙන් සන්නද්ධ කරන බවත් අගමැති ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික පාසල් සඳහා පැමිණෙන බොහෝ දරුවන් දුර බැහැරින් පැමිණෙන දරුවන් බවත් පැවැසූ අගමැතිවරයා එබැවින් කොළඹ ඇති කරන අංගසම්පූර්ණ ජාතික පාසල් දෙකක අධ්‍යාපනය ලැබීමට කොළඹ දරුවන්ට අවස්ථාව සැලසෙන බවත් අවධාරණය කළේය.

විශාල එක නාගරික දිස්ත්‍රික්කයක් ලෙසට කොළඹ පරිවර්තනය කරන බව පැවැසූ අගමැතිවරයා ඒ සඳහා ඇමැති පාඨලී චම්පික රණවක මහතා කැපවීමෙන් ඉටු කරන සේවය යටතේ කොළඹ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් උගත්, බුද්ධිමත් සදාචාර සම්පන්න දරු පරපුරක් කොළඹින් බිහි කිරීමට ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළේය.

Read more

Local News