ජපන් රැකියා සඳහා මුදල් ඉල්ලන තැරැව්කරුවන්ට හසු වන්න එපා

Share

විදේශ රැකියා, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මැද පෙරදිග රට වලට අඩු වැටුපට රැකියා සඳහා යැවීම වෙනුවට ජපානය, කොරියාව ආදි රටවල් වලට ඉහළ වැටුප්වලට මෙරටේ ශ්‍රමිකයින් යැවිම තම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

ඒ අනුව ජපානය, කොරියාව හා ඊශ්‍රායලය ආදි රටවලට මෙරට තරුණ තරුණියන් යවන බවත් ඔවුන්ට එම රටවල රැකියා කිරිමෙන් වැඩි වැටුප් ලැබෙන අතර එයින් ශ්‍රි ලංකාව ද විදේශ විනිමය ආදායම ද ඉහළ යන බවත් ඒ මහතා පැවසීය.

පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානයේ විශාල ඉල්ලුමක් පැවති කෘෂිකාර්මික, කාර්මික හා සාත්තු සේවිකා ඇබෑර්තු සඳහා ජපන් භාෂාව පිළිබඳ N4 පරික්ෂණය සමත් වයස අවුරුදු 18 -30 අතර අඩි 5 වඩා උසැති තරුණ තරුණයින්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයට සිය අයදුම් පත් යොමු කල හැකි බව ද ඇමතිවරයා කිය.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලා සිටින තැරැව්කරුවන්ට හසු නොවන ලෙසත් කාර්යංශය මඟින් තරුණ තරුණයින් ජපානයට යවන්නේ නොමිලේ බවත් හරින් ප්‍රනාන්දු මහතා මෙහි දි සඳහන් කළේ ය.

Read more

Local News