“හෙළ වාරි පුරාවත” ග‍්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

Share

ශ‍්‍රී ලංකාවේ වාරි ක්ෂේත‍්‍රයේ ආරම්භයේ සිට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය දක්වා තොරතුරු ඇතුළත් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය මගින් ප‍්‍රකාශයට පත්කර ඇති “හෙළ වාරි පුරාවත” ග‍්‍රන්ථය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊය‌ේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ඒ ඒ විෂය ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රවීණතාවයක් උසුලන හා දිවයිනේ කීර්තිමත් විද්වතුන් 25 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතා විසින් ග‍්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Read more

Local News