යාපනය – කොළඹ දුම්රිය පනගැන්වූ සිසුවාට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ප්‍රණාමය

Share

පසුගිය සැප්තැම්බර් 19 වන දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කල සිසුවෙකු බව ද මාධ්‍ය වල පලවිය.

එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවාවේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැදවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කරනු ලැබිය.

Read more

Local News