කැනඩාවත් ලංකාව ගැන විමසිල්ලෙන්

Share

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (David McKinnon) තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිබේ. (High Commission of Canada to Sri Lanka and Maldives )

නීත්‍යානුකුලව කටයුතු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකාංගයක් වන බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකුලව සියලු පාර්ශවයන්ට කටයුතු කරන ලෙසටද එම නිවේදනයෙන් ඉල්ලිමක් කරමින් සඳහන් කර අැත.

ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැලකි සිටින බවටද කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා එහි සඳහන් කර අැති අතර ලංකාවේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද ශ්‍රී ලංකේය රජයෙන් සිදු විය යුතු වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසද එහි සටහන් කර ඇත.

Read more

Local News