දිපිකා පදුකෝන්ගේ නවතම සිනමාපටය

Share

ඉන්දියානු නිලි දීපිකා පදුකෝන් මේ දිනවල සිය නවතම සිනමාපටය සඳහා සූදානම් වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

සත්‍ය අැසුරින් ගෙත්තමි වන මෙම ච්ත්‍රපටය 2005 වසරේදී වයස අවුරුදු 15 ක් වූ ලක්ෂ්මි අග්‍රවාල් වෙත එල්ල කෙරුණු ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන නිර්මාණය වන බව වාර්තාවේ.

මේ වනවිට 28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් ඇසිඩ් ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් දැනුවත් කරන්නියක සහ ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරයි.

එමෙන්ම දිපිකා පදුකෝන් තම විවාහයට ද මේ දිනවල සූදානම් වන බව වාර්තාවෙයි.

Read more

Local News