අපි ස්ථාවරයි මහින්ද කියයි

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ජන මහිම රැළිය අමතමින් පැවසුවේ,

“අපි වෙන්වෙලා හිටියා. නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.

මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමාට කිව්වා. මම නම් බැදගත්ත බෙරේ ගහනවා කිව්වා. අපිට වැඩ කරන්න අමාරු නෑ.

තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කාසු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්. සංවර්ධනය නැවත ආරම්භ කිරීම වෙනුවෙන්, රට ලෝකයේ අනෙකුත් රටවල් සමග එක්ව වැඩ කරන්න ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි එකට බැඳී සිටිනවා.

අද සියලු දෙනාම විශාල කැපවීමක් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන සැලසීමටයි. ඉස්සරත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ඉන්දැද්දී මම වචන දෙක තුනක් කතා කරලා ශේප් වෙනවා. අදත් කරන්නේ ඒ දේමයි. මේ එකතුව ආයෙමත් කේලම් වලින් කඩන්න බෑ. අපි ස්ථාවරත්වයට ඇවිත් තිබෙනවා.”

Read more

Local News