මහින්ද, මෛත්‍රී දීගේ හැට්ට කටු ගලවන්නත් කලින් ළමයි හම්බවෙනවා

Share

මෛත්‍රී -රනිල්  දිගයේ මීටත් කලින් දික්කසාදය ලැබෙන බවත් කල්ගත වි හෝ දික්කසාද විම හොඳ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) බදුල්ලේදී  පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘’ මෛත්‍රී -රනිල්  දිගයේ මීටත් කලින් දික්කසාදය ලැබෙයි කියලා අපිත් හිතාගෙන හිටියා. නමුත් කල්ගත වෙලා හරි දික්කසාදය වුන එක හොදයි.

අපට පේනවා ඒ දික්කසාදයට පස්සේ  අලුතින් ‍ඇතිවු මෛත්‍රීපාල සිරිසෙන හා මහින්ද රාජපක්ෂ ආණඩුවෙන් දැනටමත් විශාල සහන සංඛ්‍යාවක් ලැබිල තියෙනවා.

සාමාන්‍යයෙන් කසාදයක් කරලා දෙවැනි ගමන ගියාට පස්සේ තමයි ළමයි හම්බවෙන්නේ . මේ කසාදේ හැට්ට කටු ගැලෙව්වෙත් නැහැ දැන් හම්බවෙනවා.

පොහොර සහනාධාර, ඉන්ධන මිල අඩුවීම, කෘෂි ක්ෂේත්‍රෙය් බදු අඩුවී‍ෙ, ජංගම දුරකථන බදු අඩුවී, දැනටමත් සිදුවෙලා තියෙනවා. ධිවරයන්ටත් සහන දෙන්න කටයුතු කරගෙන යනවා.

ඒකනේ මම කිව්වේ හැට්ට කටු ගලවන්නත් කලින් ළමයි හම්බවෙනවා  කියලා. පාර්ලිමේන්තු ව විසුරුවා හරින ජනාධිපතිතුමාගේ තීන්දුව හරිය කියල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ඊළග පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පනින අයත් පනින්නේනැති අයත් යානදි සියලු කට්ටි එකතුකරගෙන ආයේ එන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාම තමයි’’ බව පැවසිය.

Read more

Local News