අනවසර මුල්‍ය අායතනයක් පවත්වාගෙන ගිය 6කට අැප

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම කළේය.

ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයකු විත්තිකරුවන්ගේ ළඟම ඥාතියෙකු විය යුතු බව ද නඩු තීන්දුවේ සඳහන් විය.

එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන මෙන් ද මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියම කළේය.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රය නොමැතිව එනට්‍රස්ට් නමැති පෞද්ගලික මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තූළින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News