රංගේ හෙළිදරව්වක් කරයි

Share

මහනාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේගේ ආශිර්වාදයෙන් රජයේ ඉදිරි සියලු කටයුතු සිදුකිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසුවේ ඇතැම් පුද්ගලයින් විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරවලට ප්‍රතිචාර නොදැක්වීම තම රජයේ දුර්වලතාවක් වු බවයි.

ඊයේ (23) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා මෙම අදහස් පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ද පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදි අදහස් පල කළේය

එමෙන්ම ,පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් ඔහුගේ මන්ත්‍රී ධුරය ව්‍යවස්ථානුකූලව අහෝසි වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී්‍ය.

Read more

Local News