ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Share

නීති විරෝධි අයුරින් ගවයින් ප‍්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඒ තුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ‍මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නියෝග කර තිබේ.
දැනට ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රාදේශීය ලේකම් හරහා සිදු වෙයි.
නීති විරෝධි අන්දමින් ගවයින් ප‍්‍රවාහනය කිරීමේදී සිදුවන බරපතළ අනතුරු හා ජීවිත හානි රැසක් පිළිබඳව මෙන්ම ප‍්‍රචණ්ඩකි‍්‍රයා ගණනාවක් ද පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වී අැත.

Read more

Local News