දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

Share

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

දිවයින පුරා, විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැක.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යමසහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

Read more

Local News