ලෝකයේ විශාලතම හිම හා අයිස් සැණකෙලිය මෙන්න

Share

ඊයේ (05) දින සෑම දෙනාගේම අවධානය දිනාගැනීමට සමත් සුවිශේෂී අයිස් නිර්මාණ රැසකින් චීනයේ හාර්බීන් නගරය අලංකාරවත් විය.

මෙම සියලු නිර්මාණ අයිස් යොදාගෙන කර තිබෙන අතර ලොව විශාලතම හිම සහ අයිස් සැණකෙලිය චීනයේ හාර්බින් නගරයේදී ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමෙන් මිදුණු සොන්ග්හුවා නදිය දෙපස පැවැත්වෙන මෙම සැණකෙලිය සඳහා නිර්මාණ විශාල ප්‍රමාණයක් එක්කර තිබුණි.

ප්‍රධාන ප්‍රදර්ශන මණ්ඩපය සමීපයේ අයිස්වලින් සෑදුණු මාළිගාව දැනටමත් එහි පැමිණෙන සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඇති බවට ද වාර්තා වෙයි.

හාබින් අයිස් නගරයේදී වසර පුරා අවස්ථා කිහිපයක දී මෙවන් සැණකෙළි පැවැත්වෙයි.

වර්ග මීටර් ලක්ෂ 6ක් පුරාවට පැතිර ඇති සැණකෙලි භූමියේ සාදා ඇති බොහෝ නිර්මාණ සඳහා අවශ්‍ය අයිස් සපයාගෙන ඇත්තේ අසළ ඇති ගංගාවේ මිදුණු ජලයෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ සීතලෙන් වැඩිම නගරය වන හාර්බින් හි උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙලිසියස් අංශක සෘණ 35ක් දක්වා පහළ යයි.

1983 වසරේදී මුල්වරට පැවැත්වුණු අයිස් සැණකෙලිය මෙවර පැවැත්වෙන්නේ 35වැනි වරටයි.

Image result for china big ice festival

Image result for china big ice festival

Image result for china big ice festival

Related image

Related image

 

Read more

Local News