කොකේන්, හෂීස් සමඟ විදෙස් කාන්තාවක් දැලේ

Share

තංගල්ල පොලිස් වසමේ මැද කැටිය ප්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 180ක් සහ හෂීස් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 740ක් සන්තකයේ තබාගෙන සිටි ඊශායෙල් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර අැත.

ඊයේ(18) අත්අඩංගුවට ගත් සැකකාරිය අද(19) තංගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News