මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කාල නිර්ණය විශේෂ ක්‍රමවේදයකට

Share

මන්නාරම සමූහ මිනී වලෙන් ලබාගෙන අමෙරිකාවට යනවන ලද  අස්ථි කොටස්වල කාල නිර්ණය සඳහා සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව වාර්තා වෙයි.

අදාල අස්ථි කොටස් රැගෙන මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් පසුගියදා අමෙරිකාව බලා පිටත්ව ගියේය.

මන්නාරම සමූහ මීනි වලෙන් ලබාගත් අස්ථි කොටස් 13ක් අමෙරිකාවට යවා ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේය.

විශේෂ ක්‍රමවේදයකට අනුව එම අස්ථි කොටස්වල කාබන් පරික්ෂණයෙන් කාලනීර්ණය කිරීම අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි රසායානාගාරයක් තුළදී සිදු කිරීමට නියමිතව ඇත.

මන්නාරම සමූහ මිනිවල තුළින් මේ වන විට මිනිස් සිරුරු 300ක පමණ අස්ථි කොටස් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

තවදුරටත් එහි කැණීම් කටයුතු අඛණ්ඩව සිදු කරන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සදහන් කළේය.

Read more

Local News