ස්වාධින කොමිසම් සභා දෙකක පුරප්පාඩු සඳහා නිර්දේශ

Share

ස්වාධින කොමිසම් සභා දෙකක පුරප්පාඩු වී පවතින සාමාජිකයින් සඳහා වන නිර්දේශයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී අදාළ නම් නිර්දේශ කිරීම සිදු කෙරුණු බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ පුරප්පාඩු වී පවතින සාමාජිකයින් සඳහා නම් 06ක් ද රාජ්‍ය සේවා කොමිසම් සභාව සඳහා එක් නාමයක් ද ව්‍යසථා සභාව විසින් නිර්දේශ කර තිබේ.

ඊයේ පැවැති රැස්වීමේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සහ තවත් විනිසුරු ධුරයක් සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ නිර්දේශ සලකා බැලුණ ද ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සිදු නොවූ බව කථානායක මාධ්‍ය අංශය පැවසීය.

Read more

Local News