මේ දවස්වල ලොකුම පුවත ගැන ටිල්වින් කියයි

Share

මෙරට දේශපාලනයට මඟ පෙන්වීම සඳහා වූ සංවාදයක් රටතුළ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමිනි.

මෙරට තුළ ඇත්තේ බොහොම සරළ සංවාදයක් බව ඒ මහතා පැවසීය.

ඔහු පැවසූවේ ඊලඟ ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඡන්දය ඉල්ලන්නේ කවුදැයි මේ දිනවල පවතින විශාලම සංවාදය වන බවයි.

ජනතාවට වැදගත් වන්නේ කිසියම් කෙනෙකුට, පක්ෂයකට හෝ ව්‍යාපාරයකට රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා ප්‍රතිපත්තිමය සංවාදයක් සහ දේශපාලනමය සංවාදයක් අවශ්‍ය වන බවත් ඔහු පැවසීය.

ධනවාදයේ 21 වැනි සියවසේ ජීවත් වූවත් ගොලීයකරණය පිළිබඳව කතා කලද රටේ ජනතාවගේ චින්තනය තවමත් පවතින්නේ වැඩවසම් තැනක බව ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ධනේෂ්වර පන්තිය හිතාමතා රටේ ජනතාවගේ චින්තනය වැඩවසම් මානසිකත්වය දක්වා කොටු කිරීම සිදු කරන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කලේය. ඔහු කියා සිටියේ එම වැඩවසම් මානසිකත්වයෙන් ගැලවීමට හැකි තැන වන්නේ වමේ දේශපාලනය බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “රජතුමාගේ පුතා බඳින කොට මේ දවස්වල ඒක තමයි ලොකුම ප්‍රවෘත්තිය බවට පත් වන්නේ ” ලෙසයි.

Read more

Local News